තරුණයින් 28 දෙනෙකු සමඟ එකවර සම්බන්ධතා පවත්වාගෙන ඔවුන් සමඟ ජංගම දුරකථනය ඔස්සේ සංවාදයේ යෙදුනු වයස අවුරුදු 13ක පාසල් දැරියක් පිළිබද පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරියට ඇයගේ දෙමව්පියන් විසින් ජංගම දුරකථනයක් ලබා දී තිබෙනවා.
දින කිහිපයක් ගතවීමත් සමඟ එම දැරිය ජංගම දුරකථනය සමඟ ගතකරන කාලය වැඩි බව මව්පියන්ට හැඟී යාමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඔවුන් සොයා බලා ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව දැරියගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිම්දී එහි "රෝස ලවර්" ලෙස save කර තිබූ ලිපි ගොනුවක තිබී තරුණයන් 28 දෙනෙකුගේ නම් සහ දුරකථන අංක හමුව ඇති බවයි වාර්තා වන්නේ.
පසුව දෙමව්පියන් විසින් දැරිය නින්දට ගිය පසු ඇය පිළිබඳව රහසිගතව නිරීක්ෂණය කර තිබෙනවා.
එහිදී මව්පියන්ට දැකගැනීමට හැකිව ඇත්තේ 13 හැවිරිදි දැරිය විසින් රාත්‍රී කාලයේදී අදාල තරුණයන් 28 සමඟ ජංගම දුරකථනයෙන් අදහස් හුවමාරු කරගන්නා ආකාරයයි.
පසුව මේ සම්බන්ධයෙන් දැරියගෙන් කරුණු විමසා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාල තරුණයන් විසින් කිසියම් ගැටළුවක් ඇතිකරයි යන්න බියෙන් ඇයගේ මව්පියන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ
🔍 වැඩි විස්තර

0 Comments